සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය පුහුණුවේදී මියගිය හේතුව පැහැදිලියි - වන්දි නෑ


පසුගියදා ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වුණ හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මියගොස් තිබෙන්නේ හිසට සිදු වූ බරපතළ තුවාලවලින් බවට මරණ පරීක්ෂණ වාර්තාව මගින්ද තහවුරු කර ඇතැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි.  අධිකරණ නිලධාරිවරයාගේ වාර්තාවට අනුවද උඩ සිට වැටී හිසට තුවාල සිදුවීම නිසා මරණයට පත් වූ බවට මීට පෙර තහවුරු වී තිබූ බවත්, එහෙත් මෙතෙක් එම
විදුහල්පතිනියට අදාළ කිසිදු වන්දිය මුදලක් ලබා දී නොමැති බවත් එම සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

මේ වසරේ පෙබරවාරි 17 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වන ලද නායකත්ව පුහුණු වැඩසටහනේදී කඹයකින් වැටීම නිසා සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය

මියගිය බවද ඔහු කියා සිටියේය.
මේ සමිබන්ධයෙන් අධ්‍යාපන අමාතතායශය පෑවැත්වූ පරික්ෂණයේදී නිලධාරීන් 07 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කර තිබූ බවත්, එහෙත් සිදු වුයේ අතිරේක ලේකම්වරයකුට ශිෂ්‍යත්වයක් ලබා දී විදේශගත කිරීම  හා තවත් නිලධාරියෙකු පෙර රාජකාරී කළ ස්ථානයකට මාරු කර යැවීම පමණක් බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ මස 10 වැනිදා නිකුත් කළ මරණ පරීක්ෂණ වාර්තාවට අනුව හිසට සිදු වූ බරපතළ තුවාල නිසා මරණය සිදු වී ඇතැයි තහවුරු කර තිබෙන හෙයින් වැරදිකරුවන්ට දඩුවමි ලබා දී වහාම අදාළ වන්දි මුදල් ලබාදිය යුතු බවද ස්ටාලින් මහතා කියා සිටියේය. සුරක්ෂා රක්ෂණය යටතේ විදුහල්පතිනියගේ දරුවෙකුට රුපියල් 75,000ක මුදලක් ලබා දී තිඛෙන බවත්, එහෙත් එය වන්දි මුදලක් ලෙස සැලකීමට නොහැකි බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment