කොකේන් කිලෝ 5ක් සමඟ විදේශිකයෙක් අත්අඩංගුවට

රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් පහක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි බොලීවියානු ජාතික ගුවන් මගියෙකු අද (05) සවස කටුනායක ගුවන් තොටුපළේ දී
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොහු 60 හැවිරිදි බොලීවියානු ජාතිකයෙකි .ඔහු බ්‍රසීලයෙන් මෙම කොකේන් තොගය රැගෙන ඉතියෝපියාව හරහා ඉන්දියාවට පැමිණ , අද සවස 3.45 ට
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මොහු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය බව රේගුව සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක ව්‍යාජ පතුල් සකස් කර මෙම කොකේන් තොගය ඒවා තුළ ඉතා සූක්ෂම ලෙස සගවා ගෙන තිබුණි .

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ.කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන විපුල මිනුවන්පිටිය , කේ.එච්.පී.කුමාරසිරි සහ ජගත් මුරගේ , රේගු අධිකාරීවරුන් වන එච්.ජී.එච්.සුමතිපාල පී.යූ.පී.විජේපාල , නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක සහ ශ්‍රී ලාල් විජේවර්ධන , සහකාර රේගු අධිකාරීවරුන් වන මාධව වීරක්කොඩි ,හිරුන් ගුණසිරි , ඩිල්ෂාන් වීරකෝන් , රාජිත සිල්වා සහ ප්‍රසාද් ගුණවර්ධන යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති .

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment