පෝර්ට් සිටි ගැන ඔබ නොදත් කරුණු 10 ක් මෙන්න [Video]


මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන පෝර්ට් සිටි පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කිරීමට පෝර්ට් සිටි ව්‍යාපෘතියේ නිල ෆේස්බුක් පිටුව විසින් කටයුතු කර තිබේ.

මෙය තනි ආයෝජකයෙකු විසින් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සිදු කළ දැවැන්තම සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘතිය වන අතර කොළඹ වරාය නගරයේ ඉදිවන පොදු මහජන උද්‍යාන සමස්තය ගාලුමුවදොර පිටියට වඩා 9 ගුණයක් විශාල බව එහි සඳහන් වේ.

එසේම මහජනතාවට භාවිත කළ හැකි අක්කර 111 ක උද්‍යාන භූමි ප්‍රදේශයක් සහ අක්කර 32 ක වෙරළ කලාපයක් පෝර්ට් සිටි බිමෙහි ඉදිවෙමින් පවතින බවත් කොළඹ වරාය නගරය ගොඩනැගීමෙන් පසු සැමට සේවා සලසන අති නවීන වෙළෙඳ සංකීර්ණ, හෝටල්, කාර්යාල පරිශ්‍ර මෙන්ම විනෝදාස්වාදය සඳහාම වෙනුවුණු නවීන ජාත්‍යන්තර තලයේ සතුටු උයනක් ද ඉදිවනු ඇති බවත් මෙමගින් කියැවේ.

තවද පෝර්ට් සිටි ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට පමණක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ගණන් බලා ඇති සෘජු ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 15 කි. එමෙන්ම පෝර්ට් සිටි බිහිවීමත් සමඟ ශ්‍රී ලංකාව තුළ නව රැකියා අවස්ථා 83,000 ක් පමණ බිහිවනු ඇතැයි ගණන් බලා තිබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පෝර්ට් සිටි නිල ෆේස්බුක් පිටුව විසින් පළ කර තිබෙන පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment