චීනය හැර ෆේස්බුක් තහනම් කළ එකම රට ලංකාව - එස්.එම්. මරික්කාර්

චීනය හැර ෆේස්බුක් තහනම් කළ එකම රට ලංකාව - එස්.එම්. මරික්කාර්
තමන් රජය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වුවද රජයේ ඇති අඩුපාඩු පෙන්වාදීමට පසුබට නොවන බවත් ආණ්ඩුව ගන්නා සමහර තීන්දු තීරණ සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරන බවත් මරික්කාර් මහතා පවසයි. ගැටලුවක් ඇතිවූ අවස්ථාවකදී නිසි තීන්දු තීරණ ගැනීමට රජය අසමත් වී ඇති බවත් ඒ නිසා රට අරාජික වී ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
 
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
 
ෆේස්බුක් වැනි සමාජ ජාලා මාධ්‍ය වැරදි විදියට භාවිතා කරන්නේ ඉතාම සුළු පිරිසක්. ඒත් ආණ්ඩුව ඒ සුළු පිරිසගේ හැසිරීම් පාලනය කරන්න ගිහින් සමස්ත ජනතාවගේම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට සීමා පනවලා. එය යුක්ති ධර්මයට සහ මිනිස් අයිතිවාසිකම්වලට පටහැනියි. දැන් සතියක් තිස්සේ ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා මාධ්‍ය තහනම් කරලා. අන්තවාදී විදියට කටයුතු කරන, අදහස් ප්‍රකාශ කරන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න රජයට තියන තාක්ෂණික පහසුකම් හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා කරන්න ඕනෙ ඔවුන්ට එරෙහිව ක්‍රියමාර්ග ගන්න එක මිසක් සියලු දෙනාගෙ භාෂණයේ නිදහසට බාධා කරන එක නෙවෙයි.'
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment