එච්.අයි.වී ආසාදිතයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ඕනෑ

ඒඩ්ස් රෝගය වැළඳී ඇතැයි පවසමින් තම දරුවාට අධ්‍යාපනය ලබාගැනීම සඳහා පාසලක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම තුළින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනුකරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

අදාළ පෙත්සම අද(13)කැඳවූ අවස්ථාවේදී අධිකරණයට කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා කියා සිටියේ රජය මැදිහත්වීමෙන් මෙම දරුවාට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට ඉඩ ප්‍රස්ථාව හිමිව ඇති බවයි.

ඒ අනුව තවදුරටත් මෙම පෙත්සම විභාග කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව රජයේ නීතිඥවරයා මෙහිදී පෙන්වාදී දුන්නේය.

ආන්දෝලනයට තුඩුදුන් කුලියාපිටිය ප්‍ර‍දේශයේ දරුවෙකුට පාසලක් අහිමිවීමේ සිද්ධියට අදාළව එම දරුවාගේ මව විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ අග්‍රවිනිශ්චයකාර කේ.ශ්‍රී පවන් ඇතුළු විනිසුරු මඩුල්ල මෙම පෙත්සම වැඩිදුර විභාග කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව තීරණය කළ අතර එසේම එච්.අයි.වී ආසාදිතයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් රජයට තිබිය යුතු බවට අවධාරණය කරන ලදී.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment