ශ්‍රී ලංකා ආයෝජන සමුළුව හෙට

ශ්‍රී ලංකාවේ ආර්ථික විශේෂඥයින් සහ ආසියානු ආයෝජකයින් හමුවන ශ්‍රී ලංකා ආයෝජන සමුළුව හෙට(15) සිංගප්පූරුවේදී පැවැත්වෙයි.

සමුළුවේ ප්‍රධාන දේශනය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් සිදු කිරීමට නියමිතය.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ද එහිදී දේශන පවත්වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

සමුළුව සඳහා මෙරට ඉහළ පෙළේ ව්‍යාපාරික ආයතනවල නියෝජිතයින් ඇතුලු ආසියානු ආයෝජකයින් රැසක් ද සහභාගී වන බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.


(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment