හයිඩ් පාක් රැළියට එජාප මන්ත්‍රීවරු 500ක්


මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහයෝගය පළ කළා යැයි ජනමාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අද(14) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම යෝජනාව ආණ්ඩුව විසින් යෝජනා කර ආණ්ඩුව විසින්ම සම්මත කරගත්තක් බවත්, එයට ශ්‍රි ලංකා නිදහස්
පක්ෂයේ සම්බන්ධයක් නොමැති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මෙම යෝජනාව පිළිබඳව ඔවුන්ට දැන ගැනීමට ලැබුණේ පක්ෂ නායකවරයාගෙන් බවත්, නායකවරයා විමසා සිටිය පසුව ඔවුන් ඊට එකඟ නොවන බව ප්‍රකාශ කළ බවත් සඳහන්ය.

මෙහිදී අදහස් දැක්වූ  පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටියේ ජනතා විරෝධී ක්‍රියාවන්
ඉදිරියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පළිහක් නොවන බවයි.

එජාප ආණ්ඩුවේ දාසයන් ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කටයුතු නොකරන බවත්,  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආත්මය වෙනුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පෙනී සිටින බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ
කිරීමකට කිසිදු උවමනාවක් නොමැති බවත්, ඔවුනට අවශ්‍ය වන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමට
බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කර ඇති
රැලියට එජාපයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 500ක් සහභාගීවන බවයි.

මෙහිදී අදහස් දැක්වූ  පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා පෙන්වා දෙන්නේ විදුලි කප්පාදුව මෙලෙස විවිධ
තත්ත්වයන්ට මුහුණ දීමේදී නොරොච්චෝලේ බලාගාරය පෞද්ගලික කිරීමට කතිකාවක් පැවතෙන බවයි.

එමෙන්ම මහජන උපයෝගීතා කොමිසමේ යෝජනාවලට අනුව පරිගණක ජාල ගත කිරීම සිදු කර ඒ ඔස්සේ අදාළ
බලධාරීන් කැඳවා මෙම ගැටලුවලට පිළිතුරු සෙවිය යුතු බවද සඳහන්ය.

එමෙන්ම විදුලිය නිෂ්පාදන කරන පෞද්ගලික හා රජයේ සියලු ආයතන එක් වී සංවිධාන විය යුතු බවද ඒ මහතා
පවසයි.

මෙහිදී අදහස් දැක් වූ  පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ ආර්ථික ගැටලු මතු
වූයේ මහින්ද නිසා බවත්, විදෙස් සංචිත බැස්සොත් ඒ ලෝක ආර්ථිකය බිඳ වැටීමක් බවත්, විදුලිය බිද වැටුනහොත්
එය කාර්මික දෝශයක් බවත් පවසා ඇග බේරා ගැනීමට මේ ආණ්ඩුව කටයුතු කරන බවයි.

මෙහිදී අදහස් දක්වන  පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ සමස්ථ රටම අදුරේ තැබීම
නිසා පළමුව සභාපති ගෙදර යා යුතු බවත්, දෙවන වරටත් අදුරේ තැබූ නිසා අමාත්‍යවරයා ගෙදර යා යුතු බවත්,
තුන්වන වරටත් අදුරේ තැබූ නිසා වැඩ බැරි ආණ්ඩුව ගෙදර යා යුතු බවයි.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment