නව ගිලන් රථ සේවයට වෘත්තීය සමිති විරෝධය

නව ගිලන් රථ සේවයට වෘත්තීය සමිති විරෝධය
ඉන්දියාවේ GVK EMRI නැමති ආයතනයට ලංකාව තුළ ඉන්දියානු රජයේ අනුග්‍රහය සහිතව ගිලන් රථ සේවාවක් ආරම්භ කිරිමට පහසුකම් සළසා දීමට විරෝධය පළ කරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති පවසයි.


එම වෘත්තීය සමිති නියෝජිතයින් රැසකගේ සහභාගීත්වයෙන් අද(14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන් මෙම අදහස් පළ කර තිබේ.

තම ආයතනයට සේවකයන් බදවා ගැනීමේදී GVK EMRI ආයතනයට ස්වාධීනව කටයුතු කළ හැකි බව සඳහන්ය.

ලංකා ආණ්ඩුව විසින් මෙම ව්‍යාපාරයට කරන දායකත්වයක් ලෙස තීරුබදු රහිතව වාහන හා වෛද්‍ය උපකරණ ආනයනය කිරීමටත්, මෙම සේවාවට මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා අවශ්‍ය ස්ථාන සැපයීමටත්, ඉන්දීය කළමනාකරුවන් හා පුහුණුකරුවන් සඳහා වීසා ලබා දීමටත් එකඟ වී තිබේ. 

මෙම ගිලන් රථ සේවාව ආරම්භ කළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති වැඩිදුරටත් පවසා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment