මුද්‍රණාලයේ දෙපිරිසක් ගැටෙයි

රජයේ මුද්‍රණාලයේ සේවකයින් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.

මුද්‍රණාලයේ  දෙපිරිසක් ගැටෙයි
මෙම මුද්‍රණාලයේ ජාතික සේවක සංගමය සහ නිදහස් සේවක සංගමය අතර අද(14) පෙරවරුවේ මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වෙයි.

කළමණාකාර සහකාර සේවයේ නිලධාරීන් පිරිසකට ලබාදුන් ස්ථානමාරු ගැටළුවක් මුල් කර ගනිමින් මෙම ගැටුම හටගෙන තිබේ.

අදාළ ස්ථානමාරු ලැබූ සේවකයින් එම ස්ථානමාරු තාවකාලිකව අවලංගු කර ගැනීමෙන් පසු අද පෙරවරුවේ යළි සේවයට වාර්තා කිරීමේදී පහරදීම සිදුව තිබේ.

පහරකෑමට ලක්ව රෝහල්ගතව ඇත්තේ රජයේ මුද්‍රණාලයේ නිදහස් සේවක සංගමයේ උප සභාපති නිහාල් චන්ද්‍රසිරි මහතා බව වාර්තා වෙයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment