නිලධාරීන් 136ක් : වෙළඳසැල් 370ක් : කතරගම ප්‍රදේශයේ දැවැන්ත පරීක්ෂාවක්.



කතරගම, සෙල්ල කතරගම, වැඩිහිටි කන්ද ප්‍රදේශයේ සියලු වෙලදසල් පරීක්ෂාවක් සිදු කර තිබේ.

ඒ,  මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය P.D.K අධිකාරි මහතාගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක H.M  වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක H.S.B දිසානායක, කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩිලාන් බුද්ධික හා සෙල්ලකතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ඉසංක රත්නායක ඇතුළු නිලධාරින් ගනන 136 ක සහභාගීත්වයෙනි.

මෙසේ පරික්ෂාවට ලක්වෙ කල වෙළඳසල් සංඛ්‍යාව 370 ක් පමණ වන අතර අත් අඩංගුවට ගත් සාම්පල් ප්‍රමාණය 52 කි.

ඉන් 12 කට නඩු පවරා ඇති අතර අත් අඩංගුවට ගෙන අවවාද කර නිදහස් කල ගනන 02 කි.

ඉදිරියටත් මෙම මෙහෙයුම් දිනකට තුන්වරක් බැගින් සිදුකිරීමට පියවර ගෙන ඇත.

මීට අමතරව පොදු ස්ථාන වල දුම්වැටි බොන්නන් වැටලීම,සියලුම දන්සැල් පරීක්ෂාව,ජලයේ ශේෂ ක්ලෝරින් පරීක්ෂාව,සනීපාරක්ෂක කටයුතු විදිමත් කිරීම,මළ අපද්‍රව්‍ය බැහැරලීම පිලිබඳව ,සෞඛ්‍ය තත්ව හා පරිසර සෞඛ්‍ය පිලිබඳව විමර්ශනය කිරීම සිදුකරන බවත් දිස්ත්‍රික් පරිපලන මහජන සෞඛ්‍ය පරීක්ෂක H.M. වීරසිංහ මහතා පැවසීය.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment