මහින්දගේ පක්ෂ ලාංඡනය සුදු නෙළුම - ලබන 8 වැනිදාට කරළියට?

මහින්දගේ පක්ෂ ලාංඡනය සුදු නෙළුම - ලබන 8 වැනිදාට කරළියට?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී බිහිවන පක්ෂයේ ලාංඡනය නව පක්ෂයේ ලාංඡනය සුදු නෙළුම බව වාර්තාවේ.

පක්ෂයේ නම ඉදිරි දෙසතිය තුළදී ප්‍රකාශයට පත් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලනආයතන නියෝජිතයන්ගේ සන්ධානය සඳහන් කරයි.

විවිධ කතා කියා නව පක්ෂය බිහිවීම වැළැක්වීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බව එහි කැඳවුම්කරු හිටපු ප්‍රාදේශීය සභා සභාපති උදේනි අතුකෝරළ මහතා පැවසී ය.

මේ අතර අද(21) සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදී විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පක්ෂ කැඩීමට දක්ෂ මහින්ද රාජපක්ෂ මහතා ජවිපෙ මෙන්ම එජාපයද කඩා දැන් ශ්‍රීලනිපයද කඩමින් සිටින බවත් ලබන 8 වැනිදාට නෙළුම ලකුණින් අලුත් පක්ෂයක් පිහිටුවන බවක් කියන බවත්ය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment