රජරට වැසියන් නියඟයෙන් බැටකයි

රජරට වැසියන් නියඟයෙන් බැටකයි

පවතින වියළි කාලගුණයත් සමඟ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව පානීය ජල අර්බුදය නිසා දැඩි සේ පීඩාවට පත්ව සිටී.

පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා ප්‍රකාශ කළේ මේ වනවිට එම දිස්ත්‍රික්කයේ පවුල්  10,000කට ආසන්න පිරිසකට බවුසර් 15 ක් මගින් පානීය ජලය බෙදාහරින බවයි.

වැලිකන්ද, තමන්කඩුව, දිඹුලාගල, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, ලංකාපුර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 06ක ජනතාවද පානීය ජල අර්බුදයෙන් පිඩා විඳියි.

මේ අතර පානිය ජල ලිටරය රුපියල්  40.00කට ද ලීටර 30 ජලය සහිත බුලියක් රුපියල් 200 -250 ත් අතර මිලකට ද අළෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව වැලිකන්ද සහ දිඹුලාගල ගම්වාසීන් පවසයි.

 

 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment