ලාංකිකයන් ගැන ෆේස්බුක් ආයතනය විශේෂ අවධානයෙන්

ලාංකිකයන් ගැන ෆේස්බුක් ආයතනය විශේෂ අවධානයෙන්
ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා අවහිර කිරීමට රජය පියවර ගැනීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයේ බලධාරීන් ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා පවත්වා ඇති අතර අදාල සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
 
ජනතාව කුපිත කරවන සහ වෛරය පතුරුවන තොරතුරු ඇතුළත් කිරීම සහ හුවමාරු කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ. එවැනි කටයුතු සිදුකරන පුද්ගලයන්ගේ ගිණුම් අත්හිටුවීමට සහ ඔවුන්ට එරෙහිව නීතිය පියවර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට ෆේස්බුක් බලධාරීන් එකඟ වී ඇත.
 
යම් පුද්ගලයෙකු සිය ගිණුමේ ජාතිවාදී, ආගම්වාදී හැඟීම් සහිත ඡායාරූප හෝ අදහස් ප්‍රචාරය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් දින තුනක කාලය තුලදී ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව ලබාදීමට නියමිත අතර එසේ නොමැතිවුවහොත් එම ගිණුම් අත්හිටුවීමට ෆේස්බුක් ආයතනය එකඟ වී තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment