සමාජ ජාල තහනමට ඇමරිකානු තානාපතිගේ නොසතුට

ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි මත පනවන ලද අවහිරය සහ තහනම දිගින් දිගටම පැවැතීම ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්ෂේත්‍රවලට පමණක් නොවේ නිදහස සහ වීවෘතභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තිබෙන කීර්තිනාමයට දැඩි ලෙස හානි සිදුවනු ඇතැයි මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති අතුල් කේෂාප් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඊයේ (13) පැවැසීය.

ශ්‍රි ලාංකිකයන් බොහෝ දෙනෙකු තමන්ගේ විදෙස්ගත වී සිටින ඥාති මිත්‍රාදීන් සමග සම්බන්ධ වන්නේ සමාජ ජාල ඔස්සේ යැයි ද ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරයා නිකුත් කළ විට ට්විටර් පණිවිඩයේ තවදුරටත් දැන්වේ.
සමාජ මාධ්‍ය යනු හොඳ සහ නරක යන දෙකෙන්ම

සමන්විත මානව සමාජ සම්බන්ධ කරන අසම්පූර්න, ක්‍රමයෙන් විකාශනය වන හා පරිණාමය වන තාක්ෂණික වේදිකාවක් යැයිද වෛරී ප්‍රකාශවල වැරදිකරුවන් සමාජ මාධ්‍ය නොවන බවද තානාපතිවරයා නිකුත් කල ට්විටර් පණිවිඩයක සඳහන් වෙයි. එම ට්විටර් පණිවිඩයේ තවදුරටත් මෙසේ දැක්වේ. "සමාජ මාධ්‍ය යනු හොඳ සහ නරක යන දෙකෙන්ම සමන්විත මානව සමාජ සම්බන්ධ කරන අසම්පූර්ණය ක්‍රමයෙන් විකාශනය වන හා පරිණාමය වන නව තාක්ෂණික වේදිකාවක්. සත්‍ය සහ ප්‍රධාන වැරදිකරුවන් වනුයේ මෙම නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් ප්‍රචණ්ඩත්වය වපුරන වෛරී ප්‍රකාශ කරමින් ගිනි අවුළුවන පිරිස්.”
ආණ්ඩුව ෆේස්බුක් සහ ඉස්ටග්‍රෑම් යන සමාජ ජාල වෙබ් අඩවි මත තාවකාලික තහනම් පැන වුවද ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය අඛණ්ඩව ක්‍රියාත්මක විය.
ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවිය මත පැනවූ තාවකාලික සමීඛන්ධයෙන් බොහෝ පිරිස් ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ විවේචනාත්මකව අදහස් දක්වා තිබිණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment