'සීකා' පරීක්ෂණය වෛද්‍ය පර්යේෂණායතනය යටතට

'සීකා' පරීක්ෂණය වෛද්‍ය පර්යේෂණායතනය යටතට

සීකා වෛරසය වැළඳී ඇතිදැයි පරීක්ෂා කිරීම සඳහා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය අවශ්‍ය සියලු පහසුකම් යොදා ඇති බව එම ආයතනයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ලක්ෂ්මි කුමාරතිලක මහත්මිය ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධව අදහස් දක්වමින් ඇය කියාසිටියේ සැකසහිත උණ රෝගීන්ගේ රුධිර සාම්පල වෛද්‍ය ආයතනයේදී පරීක්ෂාවට ලක්කරන බවයි.

රජයේ රෝහලක හෝ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන සැක සහිත උණ රෝගීන්ගේ රුධිර සාම්පල බාරගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂවරිය කියාසිටියාය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment