ස්මාර්ට් ජංගම දුරකථනවල බදු ඉවත් කරයි?

ස්මාර්ට් ජංගම දුරකථනවල බදු ඉවත් කරයි?

ස්මාට් දුරකතන සඳහා පවතින වැට් සහ අනෙකුත් බදු ඉවත් කිරීමට අවධානය යොමුව ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද (21) රිකොතදී අද පැවැති මාධ්‍ය හමුවකදීය.

ලබන අයවැයෙන් මෙම බදු ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ස්මාර්ට් ජංගම දුරකථන සඳහා බදු අඩු කිරීම සම්බන්ධයෙන් තමන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පිළිබඳව ද අමාත්‍යවරයා අදහස් පළ කළ අතර, එහිදී ඔහු කියා සිටියේ ආණ්ඩුව සමඟ පවතින වෛරය හේතුවෙන් ඇතැම් වෛද්‍යවරුන් ජනතාව උකසට තබා ගනිමින් කුමන්ත්‍රණ සිදු කරන බවයි.

දොස්තරලා දොස්තරලාගේ රාජකාරීය කළ යුතු බවත්, අයී.ටී ගැන මෙන්ම එට්කා ගැනද විවේචන කරමින් ඒවා කඩාකප්පල් කිරීමට ඔවුන් උත්සාහ කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment