ලංගම බස්රථවල ගමනාන්ත පුවරුවල අසභ්‍ය වචන?

ලංගම බස්රථවල ගමනාන්ත පුවරුවල අසභ්‍ය වචන?

ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇතැම් බස්රථවල ගමනාන්ත දැක්වෙන පුවරුවල දෙමළ භාෂාව වැරදි ආකාරයට ලියා ඇතැයි අනාවරණ වී තිබේ.

අම්පාර සිට මහනුවර බලා ධාවනය කෙරෙන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක ගමනාන්තය දැක්වෙන ඉදිරි පුවරුවේ සිංහල සහ ඉංග්‍රීසි වචන නිවැරදිව ලියා ඇතත් එය දෙමළ භාෂාවෙන් ලියා ඇත්තේ අසභ්‍ය වචනයක තේරුම දෙන වැරදි දෙමළ භාෂාවෙනි.

දෙමළ භාෂාවේ 'ක' අක්ෂරය වෙනුවට 'කු' අක්ෂරය එහි ලියා ඇති අතර එය දෙමළ ජනතාව ලැජ්ජාවට පත්කෙරෙන අසභ්‍ය අරුතක් මතුකරන බව විවේචකයෝ පෙන්වා දෙති.

ඒ පිළිබඳ ජාතික සංහිඳියා සහ රාජ්‍ය භාෂා පිළිබඳ ඇමති මනෝ ගනේෂන් මහතා කරුණු දක්වමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවන් වන සිංහල සහ දෙමළ පිළිබඳව අදාළ නිලධාරීන්ට ප්‍රමාණවත් අවබෝධයක් නොවීම නිසා භාෂාවේ වචන විකෘති ආකාරයට ප්‍රසිද්ධ ස්ථානවල පවා ලියා ඇති බවයි.

එවැනි අඩුපාඩුවලට හේතුව රාජ්‍ය භාෂාවන් පිළිබඳව පවතින දැනුමේ අඩුපාඩුවවන බව ඇමතිවරයා පෙන්වා දෙයි.

'බාගෙට පමණක් දෙමළ දැනගෙන රැකියා සඳහා බැඳෙන්නන් විසින් ඉහත කී ආකාරයේ වැරදි සිදුකරනවා ආණ්ඩුවේ බස්රථවල පමණක් නොවෙයි. ආණ්ඩුවේ කාර්යාලවල භාවිතා කෙරෙන ලේඛන පවා භාෂා තුනෙන්ම නැහැ. ඇතැම් සටහන් අඩුපාඩු සහිත භාෂාවෙන් හෝ තිබුනත් තවත් බොහෝ ලේඛන තියෙන්නේ එක භාෂාවකින් පමණයි' ඇමතිවරයා පැවසී ය.

එවැනි ප්‍රශ්න හඳුනා ගනු ලැබ ඇතැයි සඳහන් කළ ඇමතිවරයා ඉහත කී ආකාරයේ වැරදි නිවැරදි කර ගැනීමට මනා භාෂා පරිවර්තකයන් අවශ්‍ය කරන බවත් කියා සිටියේය.

එසේම එවැනි වැරදි හඳුනාගැනීමේ ආයතනයක් සහ ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය කරන බවත් ඇමතිවරයා පැවසී ය.

 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. මේ තත්වය උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිංහල දැන්වීම් පුවරු වලත් දකින්නට ලැබෙනවා. උදාහරණයක් වශයෙන්, පූනරීන් මංසන්ධියේ ඇති දැන්වීම් පුවරුවේ, සිංහලෙන් ලියා තිබෙන්නේ, පූනකැරි යනුවෙන්. මෙය සම්බන්ධීකරණය කොට සමථයකට පත්කළ යුතුයි.

    ReplyDelete