ජාතික සමගිය ගොඩ නැගීම සඳහා පුළුල් කාන්තා බලවේගයක් සෑදිය යුතුයි - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ජාතික සමගිය ගොඩ නැගීම සඳහා පුළුල් කාන්තා බලවේගයක් සෑදිය යුතුයි - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

පොළොන්නරුව රාජකීය මධ්‍ය විද්‍යාලයේ දී පැවති මෙම කාන්තා දින සැමරුම් උළෙල ට සමගාමීව පැවති කාන්තා ව්‍යවසාය කර්මාන්ත ප්‍රදර්ශනය හා කාන්තාවන් සඳහා විශේෂිත වැඩසටහන් රාශියක්පෙරේදා (07) හා ඊයේ (08) යන දෙදින පුරා පැවති අතර සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ සහභාගීත්වයෙන් ඊයේ (08) සවස පැවතිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

" ජාත්‍යන්තර කාන්තා දිනයේ දී කාන්තාව පිළිබඳව, මාතෘත්ත්වය පිළිබඳව, ඒ පිළිගැනීම, ගෞරවය, ඒ පෞරුෂත්වයට අවශ්‍ය පසුබිම ගොඩනැගීම, නීතියට වඩා චක්‍රලේඛවලට වඩා මිනිසුන්ගේ හෘද සාක්ෂියෙන් ඇති කරන්න හැම කෙනෙක් ම හිතන්නට ඕන. යුද්ධය කාලේ සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන් සහ මවුවරුන් මොනතරම් පීඩාවන්ට පත් වුණාද. දැන් ඊයේ පෙරේදා මහනුවර දිගන ප්‍රදේශවල අම්මාවරුන් සහ දරුවන් තමයි මම හිතන්නේ වැඩිපුරම කඳුළු සැලුවේ. ඒ පීඩාව සිංහලද, දෙමළද, මුස්ලිම්ද, මැලේද, බර්ගර්ද කියලා භේදයක් නෑ. ඒ මනුෂ්‍යත්වය මානුෂීයත්වයයි. කෙනෙකුට කරන හිරිහැර, ජීවිත තර්ජන, මරණීය තර්ජන ඒක මොන පැත්තකවත් කාන්තාවන් අනුමත කරන්නේ නෑ. මේවා මේ සමාජය තේරුම් ගන්න ඕන. කාන්තාවන්ගේ අයිතීන් සඳහා කාන්තාවන්ගේ වරප්‍රසාද සඳහා කාන්තාවන්ගේ වගකීම් යුතුකම් ඒ සියල්ලත් එක්ක මේ සංවිධානය වීම වගේම මේ රටේ ජාතික සමගිය ගොඩනැගන්න සියලුම කාන්තා බලවේග එක්කර පුළුල් කාන්තා බලවේග ශක්තිමත් කළ යුතුයි.

මේ සමාජය තුළ මනුෂ්‍යත්වය අහිමි කරන ගැ‍ටුම් ම්ලේච්ඡත්වය, ජාතිවාදය, ජාතික සමගිය සුණු විසුණු කරන ඒවාට එරෙහිව මේ රටේ කාන්තාව ශක්තිමත්ව පෙරමුණ ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. එවැනි ම්ලේච්ඡ ක්‍රියා කරන අයට විරුද්ධව හඬ නගන්න සංවිධානය වෙන්න. ඒක මේ කාලය තුළ වගකීමක් හා යුතුකමක් වනවා.

කාන්තාව සතු වගකීම් යුතුකම් කියන දේවල ඉතිහාසයේ එක් එක් යුගවල කාල පරිච්ඡේදවල වෙනස් වෙමින් පැමිණියා. සමාජය තුළ පොදු තත්ත්වයන් තිබෙනවා. ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න එක් එක් යුගවල වෙනස් වෙනවා. මේ රටේ ආර්ථික ශක්තිය ලක්ෂ 15ක් වන විදේශ ගත කාන්තාවන් එවන සල්ලිවලින් මේ රටේ මිනිසුන් සැප විඳිනවා. අපේ තේ ආර්ථිකය ගත්තත් සියයට සියයක් කාන්තාවන්. ඇගලුම් ක්ෂේත්‍රය, ධීවර ක්ෂේත්‍රය, කෘෂි කර්මාන්තය, රට වෙනුවෙන් සල්ලි හොයන දුක් විඳින කාන්තාවන් අහිංසක කාන්තාවන් සියලු දෙනාටම අපි ජාතියේ ගෞරවය පිරි නැමිය යුතුයි."

janapathi 3

janapathi 1

janapathi 2

ප්‍රියන්ත බණ්ඩාර - පොළොන්නරුව

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment