මහනුවර සිද්ධියට එංගලන්තයේ මුස්ලිම් ලාංකිකයින් උද්ඝෝෂණයේ

http://www.gossiplankanews.com/2018/03/protest-held-leicester-against-violence.html

මහනුවර සිද්ධියට 
එංගලන්තයේ මුස්ලිම් ලාංකිකයින් උද්ඝෝෂණයේ

එංගලන්තයේ ලෙස්ටර් (Leicester) ප්‍රදේශයේ වාසය කරන ශ්‍රී ලාංකික සම්භවය ඇති  මුස්ලිම් ප්‍රජාව  මහනුවර ඇතිව තිබෙන සිදුවීම් වලට එරෙහිව  ඊයේ (8) එරටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබේ. Humberstone Gate වෙත දහවල් විවේක කාලයේ පැමිණි 100 පිරිස ‘අපට සාමය අවශ්‍යයි. අපේ අයගේ ව්‍යාපාර ගිනි තියලා.රජය මේ ගැන බැලිය යුතුයි-අපි ඔක්කොමගෙ එකම ලේ‘ ආදී ලෙස
පුවරු සදහන් කරමින්

මෙම විරෝධතාවයේ නිරතවී ඇත.
ඔවුන් අත ශ්‍රී ලංකා ජාතික ධජ රැඳී තිබෙනුද වාර්තා විය.
ලාංකික සම්භවය ඇති මුස්ලිම් පවුල් 400 ක් පමණ වූ නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් සමාජයේ සභාපති මොහොමඩ් ඉස්මයිල්, ලෙස්ටර් මර්කරි වෙබ් අඩවියට පවසා ඇත්තේ මීට අවුරුදු 6 ක පමණ සිට පමණක් මෙම මුස්ලිම් සිංහල ගැටලු මතුව ඇති බවත් මේවා සාමකාමීව විසදාගැනීමට අවශ්‍ය නිසා කාලීන ගැටලුව වෙනුවෙන් මෙම විරෝධතාවය කැදවූ බවය.






Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment