තවත් ෆේස්බුක් ජාතිවාදියෙකු හෝමාගමදී අත්අඩංගුවට


ඊයේ උදේ මහනුවර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් ජාතින් අතර වෛරය පැතිරීමට සමාජ මාධ්‍ය භාවිත කළ දස දෙනාට අමතරව ඔවුන්ට සම්බන්ධ බවට සැකකරන තවත් පුද්ගලයෙකු ඊයේ රාත්‍රි කාලයේදී හෝමාගම
ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නට හැකිවූ බව

පොලිසිය වාර්තා කරයි.
මහනුවර ප්‍රදේශ කිහිපයක ඇතිවූ කලහකාරී තත්ත්වයට සෘජුවම බලපෑම් කළ බව කියන ‘මහසෝන් බලකාය‘ යන නමින් යුත් සංවිධානය හා ආශ්‍රිත සිංහලේ ෆේස් බුක් පිටු පවත්වාගෙන ගිය ප්‍රබල සාමාජිකයෙකු වන ඔහුවද අනෙක් 10 දෙනා සමග වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා අද කොළඹට ගෙන එන ලද බව වාර්තා විය.
ජාතීන් අතර ගැටුම් නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් විවිධ ප්‍රචාර සිදුකරන, නොමඟ යැවීම සිදුකරන ඕනෑම පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට මේ වන විට රට පුරා මෙහෙයුම් ක්‍රියාත්මක බවද පොලිසිය දන්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment