මේ වනවිට 17 හැවිරිදි සිංහල තරුණයෙකු සහ 19 හැවිරිදි මුස්ලිම් තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ. අදාල සිංහල තරුණයා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පාසල් සිසුවෙකු වන අතර ඔහු සිංහලේ ජාතික සංවිධානයේ සාමාජිකයෙකු බව ද තහවුරු වී තිබේ. ඔහුගේ පියා දිවයින පුවත්පතේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරයි. කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන ඇති මොමහදු තුවාන් මිහ්ලාර් නමැති මුස්ලිම් තරුණයා 19 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වන්නේ.
ඉදිරි දින කිහිපය තුළදී තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඒ අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද සිටින බවයි වාර්තා වන්නේ.
මේ වනවිට සමාජ ජාලා මාධ්‍ය අවහිර කිරීමට කටයුතු කර ඇතත් විකල්ප ක්‍රම ඔස්සේ බොහෝ දෙනා සමාජ ජාලා මාධ්‍ය වෙත පැමිණ ප්‍රතිවිරුද්ධ ජාතීන්ට එරෙහිව අසත්‍ය තොරතුරු සමාජගත කරන අතර ජාතිවාදය අවුලුවන ප්‍රකාශ නිකුත් කරමින් සිටී.
මහජනතාවගේ සිවිල් හා දේශපාලන අයිතීන් සුරැකීමේ ජාත්‍යන්තර ගිවිසුමට (International Covenant on Civil and Political Rights - ICCPR) ශ්‍රී ලංකා රජය බැඳී සිටින අතර ඒ අනුව මෙරට ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය බැඳී සිටී. එම අයිතිවාසිකම් කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර ඒ අනුව මෙම අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට මහේස්ත්‍රාත් අධිකරණය හරහා ඇප ලබාදීමට නොහැකි බව ද වාර්තා වේ. ජාතිවාදය අවුළුවන පුද්ගලයන් මහාධිකරණය වෙත පමුණුවා වසර 07 ක සිර දඬුවම් පැමිණවීමට අදාල ගිවිසුම අනුව අවකාශ සැලසෙන අතර රහස් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ජාතිවාදය ඇවිලවීම සම්බන්ධයෙන් චෝදනා ලබන පුද්ගලයන්ට එරෙහිව උපරිම දඬුවම් ලබාදීමට තීරණය කර ඇති බවයි.
මහනුවර ආශ්‍රිතව ගැටුම් ඇති වූ මුල් අවස්ථාවේදීම පොලීසිය නිසි පියවර නොගැනීම හේතුවෙන් තත්වය උත්සන්න වූ අතර මේ වනවිට එම තත්වය රටපුරා වර්ධනය වීමේ තත්වයක් දක්නට ලැබේ.
0 comments :
Post a Comment