ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි තැන එංගලන්තය පරදා බෙල්ජියමට



බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 3 වන ස්ථානය දිනා ගත්තේ ය.
බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියක 3 වන ස්ථානය හිමි කර ගත්තේ පළමු වරට ය.

ලෝක කුසලාන

පාපන්දු තරගාවලියේ තුන් වන ස්ථානය සඳහා තරඟ වැදුණේ බෙල්ජියම සහ එංගලන්තය යි.
මෙම තරගය රුසියාවේ ශාන්ත පීටස්බර්ග්හිදී පැවැත්විණි.
ආරම්භයේ සිට මැනවින් තරගයට අවතීරණ වූ බෙල්ජියම් ක්‍රීඩකයින් තරගය ආරම්භ වී සිව් වන මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කළේ ය.
ඔවුන් දෙවැනි අර්ධයේ 82 වන මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා කළ අතර ප්‍රතිවාදී එංගලන්ත ක්‍රීඩකයින්ට තරගය පුරා කිසිදු ගෝලයක් රැස් කර ගැනීමට නොහැකි විය.
ඒ අනුව බෙල්ජියම් ක්‍රීඩකයින් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 3 වන ස්ථානය තමන් සතු කර ගත්තේ, ගෝල 2 ට 0 ක් ලෙස එංගලන්තය පරාජයට පත් කරමිනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment