‘අභ්‍යවකාශ ඉංජිනේරු’ චිචී අනධ්‍යයන සේවකයෙක්ලු

‘අභ්‍යවකාශ ඉංජිනේරු’ චිචී අනධ්‍යයන සේවකයෙක්ලු


අභ්‍යවකාශ ඉංජිනේරුවකු ලෙස තමන්ව හඳුන්වා ගත් රෝහිත රාජපක්ෂ, විශ්වවිද්‍යාලයක අනධ්‍යයන සේවකයකු ලෙස කටුතු කිරීම ගැටළු සහගත වන අතර, ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ද ගැටළුවක් මතු වී තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ ඔහුගේ නම සඳහන්ව තිබුණද, කිසිදු ආකාරයකින් ඔහු විහ්වවිද්‍යාලයේ කටයුතු වලට සම්බන්ධ වී නැති බවයි.
සුප්‍ර්‍රීම් සැට් චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යැවීම පිළිබඳව මාධ්‍ය මගින් මෙන්ම වෙනත් ප්‍රචාරක ව්‍යාපෘති හරහා ද පුළුල් ප්‍රචාරයක් ලබා දුන් අතර, ඊට වැය කෙරුණු මුදල සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබිණි.

ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව ලෙස හැඳින්වුණු මේ ව්‍යාපෘතියේ හිටපු ඇමැති රවී කරුණානායකගේ ව්‍යාපාර සගයකු වන මනිවානන් නමැත්තා ද සිටී. ඔහු මෙ වනවිටත් ලිතුවේනියාවේ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස වර්තමාන ආණ්ඩුව මගින් ද පත් කර ඇත්තෙකි. රෝහිත රාජපක්ෂ අදාළ ව්‍යාපෘතිය හරහා වැය කළ මුදල සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබියදී ඔහු තවදුරටත් වර්තමාන ආණ්ඩුව යටතේ රාජ්‍ය තාන්ත්‍රික සේවයේ තබා ගැනීම ගැටළුවක් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment