හිටපු.නි ඇමති උසාවි නොඑයි - උඩුවේ හිමිගේ අලි නඩුව කල් යයි

හිටපු.නි ඇමති උසාවි නොඑයි - උඩුවේ හිමිගේ අලි නඩුව කල් යයි

අලි පැටියකු ඇලන් මැතිනියාරාමයේ රඳවාගෙන සිටියේයැයි පොදු දේපොළ පනත වටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව මාර්තු 16 සහ 17 දෙදින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න මහතා අද (17) නියෝග කළේය.

මෙම නඩුව අද විභාගයට ගැනීමට නියමිතව තිබුණත්, පැමිණිල්ලේ පළමු සාක්කිකරු වන හිටපු නියෝජ්‍ය වනජීවී ඇමැති වසන්ත සේනානායක මහතා අධිකරණයට පැමිණ සිටියේ නැත.

නඩුවේ විත්තිකාර ධම්මාලෝක හිමි අධිකරණයට පැමිණ සිටියේය.

පැමිණිල්ලේ පළමු වැනි සාක්කිකරු නොමැති වීම නිසා ඔහුට යළි සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුව මාර්තු 16, 17 විභාග කිරීමට තීන්දු කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment