'ජනපති අපේක්ෂකයෙකු ඕන නෑ' - නව ව්‍යවස්ථාවේ වෙනස ගැන එජාපය කියයි 

'ජනපති අපේක්ෂකයෙකු ඕන නෑ' - නව ව්‍යවස්ථාවේ වෙනස ගැන එජාපය කියයි 

නව ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපතිධූරය අහෝසි වන නිසා මීළඟ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ගැන කියමින් නැති තනතුරකට අපේක්‍ෂකයින් නම් කිරීමේ අවශ්‍යතාවයක් එක්සත් ජාතික පක්‍ෂයට නැතැයි එජාප මන්ත‍්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසූයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකදී ය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ අයත් 2020 ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ගැන අදහස් දක්වමින් සිටින නමුත් එක්සත් ජාතික පක්‍ෂයට ඒ ගැන සිතීමේ අවශ්‍යතාවයක් නැතැයිද එජාපය මුහුද හත්ගව්වක් තියා අමුඩ ගහන පක්‍ෂයක් නොවන බව ද හෙතෙම සඳහන් කළේය.

මේ වසරේ දී ආණ්ඩුව පෙරළන බව හිටපු ජනාධිපතිවරයා කීවත් එම අනාවැකි ඉටු නොවන බව ද මන්ත්‍රීවරයා පැවසී ය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment