අල් කයිඩා නායක ඔසාමාගේ අන්තිම කැමැත්ත


2011 වසරේදි ඇමරිකානු විශේෂ හමුදාව කණ්ඩායමක් විසින් මරා දැමූ අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩ්න්ගේ අවසන් කැමැත්තෙන් ඇමරිකානු ඩොලර් මිලියන 29 ක් ඉතිරි කර ඇති බවට වාර්තා වනවා. 

පාකිස්තානයේ Abbotabad හිදී එල්ල කරන ලද ප්‍රහාරයෙන් අනතුරුව අත්අඩංගුවට ගත් ලිපිගොනු අතරේ මෙම අවසන් කැමති පත්‍රය තිබී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහුගේ අවසන් කැමති පත්‍රයෙන් බින්ලාඩ්න් මෙම පරිත්‍යාග මුදල ජිහාඩ් සංවිධානය වෙත ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

මෙම පරිත්‍යාග මුදල සුඩානයේ ඇති බව සඳහන් කර ඇති නමුත් එය පවතින්නේ මුදල් ලෙසද නැත්නමි ‌දේපල ලෙසද යන්න පැහැදිළිව සඳහන් නොවන බවයි වාර්තා වන්නේ.

අල්කයිඩා නායක බින් ලාඩ්න් සුඩාන රජයේ ආරාධිතයෙකු ලෙස වසර 5 ක් එහි වාසය කර තිබුණා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment