කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට (21) සිට

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට (21) සිට දින 10 ක් පුරා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී
පැවැත්වේ.උදෑසන 9 සිට රාත්‍රී 9 ප්‍රදර්ශන වේලාවන්ය.

මෙවර 20 වන සංවත්සරය සමරමින් පවත්වන ලබන මෙම ප්‍රදර්ශනයට දිවයින පුරා සිටින
 පොත් පාඨකයින් ලක්ෂ ගණනකගේ පැමිණීම අපේක්ෂා කෙරේ.මීට අමතරව සතිඅන්තයේ පවුලේ විනෝද ගමනක් ලෙසද මෙම ප්‍රදර්ශනය වෙත ඇදී එන පිරිස් සිටී. මෙවර ප්‍රදර්ශනය ආරම්භයේම දීර්ඝ නිවාඩුවක් එළැඹෙන නිසා විශාල පිරිසක් මුලදීම පැමිණෙනු ඇතැයි සංවිධායකයින් අපේක්ෂා කර තිබේ.

ලංකාවේ පැවැත්වෙන මහජන ප්‍රදර්ශන අතරින් වැඩිම පිරිසක් එක්කරගන්නට සමත් ප්‍රදර්ශන කිහිපයෙන් එකක් ලෙස මෙම පොත් ප්‍රදර්ශනය සැලකේ. පහත පළවන්නේ දැනට ප්‍රදර්ශනයට සූදානම් වන අයුරු ඡායාරූප කිහිපයක් හා ප්‍රදර්ශන කුටි සැලසුමත් කලා විචිත්‍රාංග කාලසටහනත්ය.













Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment