මහින්දගේ ප්‍රචාරයට සිල් රෙදි බෙදන්න සල්ලි යෙදවූ අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංග බරපතළ වැඩ සහිතව වසර 3කට හිරේ

මහින්දගේ ප්‍රචාරයට සිල් රෙදි බෙදන්න  TRC සල්ලි යෙදවූ

අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංග
බරපතළ වැඩ සහිතව වසර 3කට හිරේ


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 2015 ජනපති ධූරයට තරග වැදුණ අවස්ථාවේ මැතිවරණ ප්‍රචාරණය පිණිස තමන් මූලිකත්වය දැරූ විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාවේ මහජන මුදල් රුපියල් මිලියන 600ක් සිල් රෙදි බෙදාදීමේ කටයුත්තකට මහින්දගේ රුව ගසා පන්සල්වලට යොමු කිරීමෙන්
සිදු කළ නාස්තිය නිසා

වි.ස.නි. කොමිසමේ හිටපු සභාපති හා හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා වි.ස.නි. කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනා වැරදිකරුවන් බව කොළඹ මහාධිකරණය අද තීරණය කළේය.

ඒ අනුව එක් වරදකට වසර එක හමාර බැගින් වු වරද දෙකක් සඳහා වසර 3ක සිර දඩුවමක් හා එක් වරදකරුවෙක් සඳහා රුපියල් ලක්ෂ 30 බැගින් වු දඩ මුදලක් ද මහාධිකරණය විසින් ඒ අනුව නියම කර ඇත.
ඒ අනුව අනුෂ පැල්පිට මහතා පළමු හා දෙවන වරද සඳහාත් ලලිත් වීරතුංග මහතාට දෙවන හා තෙවන වරද යටතේත් මෙම සිර දඩුවම නියම කර තිබේ.

එමෙන්ම දෙවන හා තුන්වන වරද සඳහා රුපියල් ලක්ෂ 50 බැඟින් ලක්ෂ 100 ක් වන්දි ලෙස ගෙවන ලෙස වරදකරුවන්ට මහාධිකරණ විසින් නියෝග කර තිබේ.
රජයේ අරමුදලින් එක් අපේක්ෂකයකුගේ ප්‍රචාරණය සිල් රෙදි බෙදාදීම මෙම වරදයි.
මහාධිකරණ විනිසුරු ගිහාන් ගුණතිලක මහතා මෙම තීන්දුව ලබාදුන්නේය. ඔහු මේ තීන්දුව ලබාදෙනු ඇති බව සැක කර පසුගියදා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥයන් පිරිසක් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා හමුවී ගිහාන් මහතා වෙනත් අධිකරණයකට මාරුකරන ලෙස ඉල්ලා ඇති බවද වාර්තාවී තිබුණ අතර එය අවසන් මොහොත දක්වා සිදු නොවීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment