ගතවූ පැය 24 ක කාලය තුල මිලිමීටර් 100 ට අධික වර්ෂාපතනයක් රත්නපුර දිස්ත්‍රික්කයට ලැබී තිබේ. ඒ අනුව නාය යාමේ අවදානමක් පවතින කුරුවිට, රත්නපුර, කිරිඇල්ල සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන වැසියන් මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු වේ.
විශේෂයෙන් අඩවිකන්ද, ලක්ෂකන්ද, දෙවිපහල, කීරගල, වලඳුර, හාන්දුකන්ද, සමන්පෙදෙස, සමගිපුර, මෝගම්කන්ද ආශ්‍රිතව නාය යාමේ අවදානමක් පවතින බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මේ අතර අද( 07) දහවල් වල විට කොළඹ බදුල්ල මාර්ගෙයේ සමහර ස්ථාන, බදුවත්ත-ඉඩංගොඩ මාර්ගය, කුරුවිට-ගොරකඇල මාර්ගය, කඳන්ගොඩ-ගොරකඇල මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා සිදුව ඇත.
0 comments :
Post a Comment