හිත රිදෙනවද? එහෙනං නිවාඩු දවසෙ දියත උයනට එන්න...

හිත රිදෙනවද? එහෙනං නිවාඩු දවසෙ දියත උයනට එන්න...
හිත රිදෙන එක දැන් විලාසිතාවක් වෙලා. ඔෆිස් වල වැඩ කරන අය හැම 10 දෙනෙක්ගෙන්ම එක්කෙනක්ට හිත රිදිලම මනස ලෙඩ වෙලා ප්‍රතිකාර ගන්න වෙනවා. ඒ වගේ හිත රිදෙන අය හින්දා අවුරුද්දකට ලෝකයේ වැඩ කරන දවස් 36 ක වටිනාකමක් නැති වෙලා යනව. 
 
හිතෙන හැටි කියවන අයගෙන් ගොඩක් අයගෙත් ජීවිතේ එක පාරක් හරි රාජකාරි ජීවිතයේ දි හිත රිදිල ඇති. ඉතිං මේක බොහොම පොදු ප්‍රශ්නයක්. ඒ හින්දම ලෝක මානසික සෞඛ්‍ය සම්මේලනය මේ අවුරුද්දෙ ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාව විදියට "Mental Health in the Workplace" (සුවබර මනසක් - සුවැති වැඩබිමක්) කියන තේමාව යොදාගෙන කාර්යාල වල, වැඩබිම් වල මිනිසුන් මුහුණ දෙන මානසික සෞඛ්‍ය ගැටළු ගැන කතා කරන්න තීරණය කලා.
 
ඉතිං, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අපිත් තවත් සංවිධාන ගොඩක් එක්ක එකතු වෙලා මහජන ප්‍රදර්ශනයක් සංවිධානය කරල තියෙනවා. 
 
දවස: ඔක්තෝබර් 05
වෙලාව: උදේ 10 - සවස 6
තැන: බත්තරමුල්ල, දියත උයන
අයකිරීම: නොමිලේ
 
මේ බ්‍රහස්පතින්දා (පෝය දවසෙ) පවුලෙ හැමෝම එක්කගෙන දියත උයනට ආවොත් හිත තියෙන්නෙ කොහෙද කියල විතරක් නෙමෙයි හිත රිදෙන හැටි, හිත රිදෙන එක වලක්වාගන්න හැටි වගේ ගොඩක් දේවල් දැනගන්න පුලුවන්.
 
එහෙනං බ්‍රහස්පතින්දා දියත උයනෙදි හමු වෙමු. 
 
එන්න, අපි අපේ මානසික සෞඛ්‍යය ගැන කතා කරමු....!
 
 
mental 1
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment