බිස්නස් නඩු ගොඩගැසෙයි.


මේ වසරේ මාර්තු මාසය වන විට විසඳී අවසන් නොවුණු නඩු ගොනු 5,000 කට අධික ප්‍රමාණයක් වාණිජ මහාධිකරණය විසඳීමට ඇති බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පවසයි. පසුගිය දා පැවති කණිෂ්ට ජාතික නීති සම්මන්ත්‍රණය 2017 ට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව අනාවරණය කළාය.

2017 මාර්තු මාසය වන විට මහාධිකරණය තුළ නඩු 16,574 ක් විසඳීමට තිබෙන අතර වාණිජ මහාධිකරණය තුළ තීන්දු අපේක්ෂාවෙන් තිබෙන නඩු ප්‍රමාණය 5,580 ක් බව වාර්තා වේ.

අධිකරණ අමාත්‍යවරිය වැඩිදුරටත් පවසන්නේ මෙලෙස නඩු ගොඩගැසීම එතරම් යහපත් ප්‍රවණතාවයක් නොවන බවයි.

වාණිජමය ගනුදෙනු හරහා රුපියල් මිලියන 5 ක් ඉක්මවන අලාභ සම්බන්ධයෙන් අදාළ වන නඩු, වාණිජ මහාධිකරණය තුළ විභාගයට ගැනේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment