පාතාලයේ බණ්ඩාට වෙඩි තැබූ ස්ථානයේ පිහිටි රූපලාවණ්‍යාගාරයට ගිනි තියලා

පාතාලයේ බණ්ඩාට වෙඩි වැදුණ
අතුරුගිරිය සැලොන් එකට ගිනි තියලා

පාතාල නායකයකු යැයි කියැවෙන ටනිල් බණ්ඩාර ධර්ම ශ්‍රී හෙවත් බණ්ඩා යන අය වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ අතුරුගිරිය ඔරුවල පාරේ පිහිටි රූපලාවණ්‍යාගාරයට කිසියම් පිරිසක් පසුගිය 9දා රාත්‍රි ගිනි තබා විනාශ කර ඇති බව අතුරුගිරිය පොලිසිය පවසයි.
අතුරුගිරිය මහජන බැංකුව පිහිටි ගොඩනැඟිල්ලේ ඉහළ මාලයේ ඇති මෙම රූපලාවණ්‍යාගාරය ගිනි ගැනීම හේතුවෙන්
එහි තිබූ උපකරණ සියල්ල පිලිස්සි විනාශ වී තිබිණි. පසුගිය ජනවාරි මස 17දා අංගොඩ ලොක්කාගේ ගෝලයකු බව පැවසෙන අතුරුගිරිය මොරටුවාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි ටනිල් බණ්ඩාර ධර්ම ශ්‍රී නමැති
එක් දරු පියාගේ ඝාතනයට පූර්ණ සහයෝගය ලබාදී ඇති බවට වන තොරතුරු මත මෙකී රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය වන මංජුලා සඳුනි නමැති 41 හැවිරිදි එක් දරු මව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් පොලිසිය පවසයි. මිරිහාන විශේෂ අපරාධ කොට්ඨාසය මඟින් ලැබුණු තොරතුරු ඔස්සේ මෙම කාන්තාව අත්අඩංගුවට පත්වූ අතර පසුගිය 7දා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. එම කාන්තාව විසින් පවත්වා ගෙන ගිය එම රූපලාවණ්‍යාගාරය කිසියම් පිරිසක් විසින් එහි ‍ෙදාර කඩා ඇතුළු වී එහි තිබූ සියලුම උපකරණ ගිනි තබා විනාශයට පත් කර තිබිණි. එම ගොඩනැඟිල්ලටද සුළු හානි සිදුවී ඇති බව පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතාගේ උපදෙස් මත අපරාධ අංශය විමර්ශන සිදු කරයි.

වාර්තාව - අයිරංගි එදිරිසිංහ




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment