රටේ බලයත් ගමේ බලයත් නිදහසට.


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කරන අපේක්ෂකයින් සමග හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් අද  පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවත්විණි.

අපේක්ෂකයින් ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දීර්ඝ කාලයක් පුරා රටට අවශ්‍යව පැවති පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේ වැදගත් පියවර සනිටුහන් කෙරෙන්නේ මෙම පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය තුළින් බවයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ කටයුතු පිළිබදව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් දැනුම්වත් කිරීම වෙනුවෙන් මෙම හමුව කැඳවා  තිබුණි.

මෙහිදී සියලූම අපේක්ෂකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සුරකිමින් නීති ගරුක, පිරිසිදු පාලනයක් පළාත් පාලන ආයතන ව්‍යූහය තුළ ඇති කිරීම සදහා ප්‍රතිඥා දීම ද සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොට්ඨාස නියෝජිත පත්වීම් ලබාදීම යටතේ, පළාත් පාලන ආයතන 341ක් නියෝජනය වන පරිදි එක් සභාවකට එක් නියෝජිතයෙකු බැගින් පත්කිරීමට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ද අද සිදු විය.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment