'ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට එනවා' - ඔස්ට්‍රේලියාව.


ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට පැමිණෙමින් සිටින බවත් ඔස්ට්‍රේලියාවේ ආයෝජන නියමිත දිශාවකට යොමුකරන බවත් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් බෘස් හච්සන් මහතා පවසයි.

නව වසර වෙනුවෙන් සුබ පැතැම් එක්කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

එසේම ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කරයි.

ඉන්දීය සාගරයේ සමීප මිතුරන් ලෙස ආරක්ෂක තත්ත්වයන් සම්බන්ධයෙන්ද දෙරට අතර සමීප සහයෝගයක් පවත්වාගෙන යන බවත් වෙළඳපොළ අවස්ථා, රැකියා උත්පාදනය වැනි කරුණු පිළිබඳව මේ වසරේදී ශ්‍රී ලංකාව අවධානය යොමුකළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment