ඡන්ද නීති කැඩූ 42 ක් අත්අඩංගුවට

ඡන්ද නීති කැඩූ 42 ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් උඩුදුම්බර ප්‍රාදේශීය සභාව සඳහා තරග කරන, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා නීතිවිරෝධී ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සිටියදී අද (29) පොලිස් අත්අඩංගුවට පත් වූ අතර තවත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. අදාල හිටපු සභාපතිවරයා තෙල්දෙනිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.
 
මැතිවරණ නීති උල්ලංගනය කරන සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පොලිස් මූලස්ථානය පවසයි.
 
මේ අතර පසුගියදා මැතිවරණ කොමිසමේ පැවති රැස්වීමකදී අපේක්ෂකයන් සිය ආධාරකරුවන් සමග ගෙයින් ගෙට යාම හා එවැනි අවස්ථාවලදී අපේක්ෂකයන් හා අධාරකරුවන් අතර ඇතිවන ගැටුම්කාරී තත්වයන් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර අවසානයේ එකඟ වී ඇත්තේ ගෙයින් ගෙට යාම සඳහා අවම පුද්ගලයන් 10 කට පමණක් සීමා කළයුතු බවයි. ඒ අනුව අපේක්ෂකයා සමග හෝ අපේක්ෂකයා නොමැතිව හෝ පුද්ගලයන් 10 දෙනෙකුට වඩා රැස්වේ නම් එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment