ලබන වසරේ ජනවාරි පළමුවැනිදායින් පසු ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ වරණීය තීරුබදුවලට යටත් වන අතර එය මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. එයට හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ පුළුල්තම අපනයන වෙළඳපොල ඇමරිකාව වීමයි.
කොළඹ, ඇමරිකානු තානාපති කාර්යාලය පවසන්නේ GSP+ බදු සහන දීර්ඝ කිරීම ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය විසින් අනුමත කර නොමැති බවයි.
පසුගිය 2016 වසරේ මෙරට අපනයන දත්තවලට අනුව ඇමරිකානු වෙළඳපොල වෙත ඇමරිකානු ඩොලර් බිලියන 2.8 ක් වටිනා භාණ්ඩ අපනයනය කර ඇති අතර එය සමස්ත අපනයන වටිනාකමින් 28% ක් වේ.
ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර වශයෙන් පිළිගන්නා බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කිරීමත් සමග එයට එරෙහිව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් දැඩි විරෝධයක් දැක්වූ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව යෝජනාවක් ද සම්මත කෙරිණි. ඉන් අනතුරුව තම තීරණයට එරෙහි වූ රටවලට ප්‍රතිවිපාක විඳීමට සිදුවන බවට ට්‍රම්ප් තර්ජනය කළ අතර මෙම බදු සහන ඉවත් කිරීම එම තර්ජනයේ ප්‍රතිඵලයක් විය හැකිය.
0 comments :
Post a Comment