මහනුවර ශික්ෂණ රෝහල් භූමියේ අනවසර පදිංචිකරුවන් කඩිනමින් ඉවතට

මහනුවර ශික්ෂණ රෝහල් භූමියේ අනවසර පදිංචිකරුවන් කඩිනමින් ඉවතට
මහනුවර ශික්ෂණ රෝහල් භූමියට අයත් අක්කර 40 ක් පමණ වෙනත් පුද්ගලයින් විසින් අත්පත් කරගෙන තිබුනි. එම භූමි ප්‍රමාණයෙන් අක්කර 18 ක් මේ වනවිට යළි රෝහල් සංවර්ධන කටයුතු සදහා පවරා ගෙන ඇත. තවත් අක්කර 21 ක් රෝහලට පවරා ගැනීමට නියමිතව තිබේ. එම භූමි ප්‍රමාණය ද රෝහලට පවරා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුම් දෙන ලදි. 
 
ශ්‍රි ලංකාවේ දෙවන ජාතික රෝහල ලෙස මහනුවර ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබේ. ඒ සදහා සියලුම වෛද්‍ය සේවා සැපයිය හැකි වාට්ටු සංකිර්ණ ඉදිකිරිමට මේ වනවිටත් පියවර ගෙන තිබේ. දැනට මහනුවර ශික්ෂණ රෝහලෙන් මසකට රෝගීන් 215,000 ක් පමණ ප්‍රතිකාර ලබාගන්නා බව මෙහිදී අනාවරණය විය. තව ද මෙම රෝහලේ සේවා කටයුතු පුළුල්වීම සමග ඉදිරියේ දී අධ්‍යක්ෂවරයෙකු වෙනුවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමට තම අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
 
මෙතෙක් ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබදව ද මෙහිදි සාකච්ඡා කරන ලදි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment