'වෙබ් වාරණය ඉවත් කරන්න' - වෙබ් සංගමය ජනපතිගේ මුණට ම කියයි.


මෑතක සිට ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයකට නැවත ඇතිවී ඇති අවහිරතා සම්බන්ධයෙන් සොයා බලා ඒවා නිදහස් කර මුදා හරින ලෙස වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලීමක් කළහ.

ඒ, වඩාත් වගකීම් සහගත, සාධනීය වෙබ් මාධ්‍ය කලාවක් වෙනුවෙන් සම්පාදනය කරන ලද ආචාර ධර්ම පද්ධතිය ජනාධිපතිවරයා වෙත අද (29) කොළඹ හිල්ටන් හෝටලයේ දී පිළිගැන්වීමේ අවස්ථාවේදී ය.
(සේයාරුව : රුක්මාල් ගමගේ)

එසේම පසුගිය පාලන සමයේ දී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය වෘත්තිකයන්  44 දෙනා අතරින් 41 දෙනෙකුම දමිළ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන් වන බවත්, මේ දක්වාම එම කිසිදු දමිළ මාධ්‍යවේදියකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් කිසිදු පොලිස් පරීක්ෂණයක් නොපැවැත්වෙන්න බවත් පෙන්වා දුන් එම සංගමයේ ලේකම් කැලුම් ශිවන්ත මහතා ඒ අය සම්බන්ධයෙන්ද පොලිස් පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත් එසේ ඝාතනයට ලක්වූ පවුල්වල සාමාජිකයන්ගේ සුභ සාධනය සම්බන්ධයෙන්ද අවධනය යොමුකරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබිය.

විශිෂ්ඨ කාර්යයක්

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ වෙබ් මාධ්‍ය කලාව සඳහා හඳුන්වාදුන් මෙම ආචාර ධර්ම පද්ධතිය ඉතා වැදගත් විශිෂ්ට කාර්යයක් බවයි.

එමෙන්ම මෙය මාධ්‍ය ක්ෂේත‍්‍රයට පමණක් නොව දේශපාලන ක්ෂේත‍්‍රය සහ මුළු මහත් මානව සමාජය වෙනුවෙන් කාලීන අවශ්‍යතාවයක් ඉටුකිරීමක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

වෙබ් මාධ්‍යවේදින්ගේ ගැටලුු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් නුදුරු දිනකදීම ලබාදෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.


අමාත්‍ය මංගල සමරවීර, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශණ ගුණවර්ධන යන මහත්වරුන් සහ වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩි ගමගේ, ලේකම් කැලුම් ශිවන්ත යන මහත්වරුන් ඇතුළු එහි සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබූණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment