12 අවමය වෙනසක් නෑ බස් ගාස්තු අද රෑ සිට සියයට 4 කින් ඉහළට


අද (20) මධ්‍යම රාත්‍රියේ සිට 4% කින් බස් ගාස්තු ඉහළ දැමීමට ආණ්ඩුව තිරණය කර තිබේ.ඊයේ (19) ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැත් වු සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කර
ඇත.
ඉන්ධන මිල

වැඩිවීමත් සමගම බස් ගාස්තුද වැඩිවීමක් කළ යුතු බවට පැන නැගී ඇති ගැටළුව සම්බන්ධයෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
මෙහිදී පෞද්ගලික බස් හිමියන් විසින් ඉල්ලන ලද 10% බස් ගාස්තු වැඩිවීම කිසිසේත් ලබාදිය නොහැකි බවත් මේ සම්බන්ධයෙන් පත්කොට ඇති විද්වත් කමිටු උපදෙස් මත හෙට මධ්‍යම රාත්‍රියේ සිට 4% කින් බස් ගාස්තු වැඩි කිරීමට අවසර දිය හැකි බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.
එහෙත් රුපියල් 12ක අවම ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොකිරීමටද මෙහිදී දෙපාර්ෂවය එකඟ වී තිබේ.
මේ අතර 04%ක බස් ගාස්තු සංශෝධනය අධිවේගී මාර්ගයේ ධාවනය වන බස්රථවලට සහ අර්ධ සුඛෝපභෝගී බස්රථවලට අදාළ නොවන බවද ජාතික ගමනාගමන කොමිශන් සභාව පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment