බිරිඳ දාලා ගිය දුකට බෑනා මාමාට කඩුවකින් කොටලා වෙච්ච දේ

බෑනා විසින් මාමාට කඩුවකින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් ගැන හෙට්ටිපොලින් ප්‍රදේශයෙන් අහන්න ලැබුණා
හැරගිය බිරිඳව ගෙන්වා නොදෙන බව පවසමින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි තොරතුරු ලැබුණේ.මියගිය පුද්ගලයාගේ දියණිය සැකකරු සමග විවාහවි සිට ඇති අතර දෙදෙනා අතර ඇතිවු ආරවුලක් නිසා ඔහුගෙන් වෙන්වී බිරිඳ විදේශ රැකියාවකට ගොස් තිබෙනවා.

හැරගිය බිරිඳව නැවත ගෙන්වා දෙන ලෙසට පවසමින් සිය මාමාගේ නිවසට පැමිණ ඇතිකරගත් ආරවුලක් දුරදිග යාමෙන් බෑනා විසින් මාමාට කඩුවකින් පහරදි තිබෙනවා.

සිද්ධියෙන් බරපතල තත්ත්වයේ පසුවූ ඔහු කුලියාපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර පසුව නිවසට ගොස් සිටියදී මියගොස් තිබෙනවා.

ඝාතනය සිදුකළ සැකකාර පුද්ගලයා ගල්වෑව ප්‍ර දේශයේ පදිංචි අයෙක්. ඔහු මේ වවිට පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment