අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ චීන සංචාරය පිළිබඳව එරට නායකත්වය දැඩි අපේක්ෂාවෙන් පසුවන බව චීන විදේශ කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය ලියු ෂෙන්මින් ප්‍රකාශ කළා.
චීනයේ සංචාරයක නිරත වන මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක අමාත්‍යවරුන් හමුවේ ඔහු ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට වැදගත් ප්‍රතිඵල රැසක් අත්වනු ඇති බවයි.
විශේෂයෙන් දෙරටට බලපාන දෙපාර්ශවයටම ප්‍රතිලාභ සහිත ආර්ථික කටයුතු පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමුකරන බව චීන විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට පෙර 2003 වසරේදී ද චීනයේ සංචාරය කිරීම පිළිබඳව චීන අමාත්‍යවරයා සිහිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා, චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන් සහ ජනාධිපති ෂී ජින් පිං ද මුණ ගැසීමට නියමිතයි.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයට අදාළව ආයෝජන, වෙළඳ සහ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ද සංවිධාන කර තිබෙනවා.
චීනයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ලියු ෂෙන්මින් ප්‍රකාශ කර ඇත්තේ මෙරට සම්මුතිවාදී රජයේ පක්ෂ දෙකම චීනයේ මිතුරන් බවයි.
එම පක්ෂ දෙක අතර සහයෝගිතාව තුළින් ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රතිඵලදායි අනාගතයක් උදාවනු ඇති බව චීන විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.
(under the courtesy of hirunews news web)

0 comments :
Post a Comment