ආහාර රසවත් ලෙස මෙන්ම නෙත් පිනවන අයුරින් ඉදිරිපත් කිරීම ආහාර රුචිය වඩවන බව අප කවුරුත් පිළිගන්නා කරුණකි. එහෙත් දක්ෂ කෝකියෙකු වන ජූඩිත් පුව අයිසින් යොදාගනිමින් අලංකාර කර ඇති මෙම විස්කෝතු කෙතරම් අපුරුද යත් ඒවා අතට ගන්නා අෙයක් කෑමට පෙර දෙවරක් සිතාවි.
මෙම අලංකාර මෝස්තර ඇය එම්බ්‍රොයිඩර් කලාව ඇසුරෙන් නිර්මාණය කර තිෙබ්. මෙහි විශේෂත්වය වන්නේ එම මෝස්තර සියල්ල ඇය පෙර සටහනකින් තොරව අතින්ම නිර්මාණය කිරීමයි. විවිධ ප්‍රමාණයෙන් යුත් අයිසින් බට භාවිතා කරමින් ඇය මෙම මෝස්තර විස්කෝතුවට එක් කරන්නේ පෑනකින් ලියනවා මෙන් ඉතා පහසුවෙනි.
පහත වීඩියෝ පටයේ ඇය එලෙස විස්කෝතුවක් හැඩ ගන්වන අයුරු දැක්වේ.
0 comments :
Post a Comment