මහින්ද කසිප්පු කාරයෙක් වගේ කෑගහනවා.. කරන්න බැරිනම් එයාට ආණ්ඩුව දෙන්නලූ..මං ඕවට බය නෑ..


ගම්වල සිටින කසිප්පු කාරයින්, අයිආර්සී කාරයින්, රස්තියාදු කාරයින් හන්දිවලට ඇවිත් පපුවට ගහගන්නා බවත් එවන් පුපුවට ගහ ගැනීමක් කොලඹදීත් සිදුව ඇති බවත් තමන් එවැනි පපුවට ගහ ගැනිලිවලට බිය නැති බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ අක්කරේපත්තුවේදී පැවති ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ 19 වන සමුළුව අමතමිනි.

අද  ඕනෑ තරම් විරෝධතා පැවැත්වුවද ඒ කිසිවෙකගේ ගවෙල්වලට සුදු වෑන් එවන්නේ නැති බවත් නායකයන්ගේ ගෙවල්වලට ගල් ගහන්නේ නැති බවත් කී ජනාධිපතිවරයා කොතරම් පෙලපාලි ගියද වසර පහක් යනතුරු මේ ආණ්ඩුව වෙනස් වෙන්නේ නැතැයිද කියා සිටියේය.

ඊයෙ පෙරේදා කොළඹදී රැස්වීමක් පවත්වමින් එයාට අණ්ඩුව දෙන්නැයි කියූවත් එයා ආණ්ඩු කල හැටි තමන් දන්නා බවත් ඒ පපුවට ගහ ගැනීම්වලට බිය නැති නිසා එලියට විත් ආණ්ඩුවක් හැදු බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
(under the courtesy of lankacnews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment