මෙවර සාමාන්‍ය පෙළ හපනුන්ගේ නම් ලැයිස්තුව


ලංකාවෙම 1,2,3,4,5 ස්ථාන ඔක්කොම කොළඹට

2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (19) පස්වරුවේ නිකුත් කෙරුණා.  මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් ගණන පන්ලක්ෂ 36,152 ක්.

2015 සාමාන්‍ය පෙළ විභාගයේ පළමු දෙවන සහ  තුන්වන ස්ථාන මේවන විට ප්‍රකාශයට පත්වී තිබෙනවා. ඒ අනුව පළමු ස්ථානය හිමිවී ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ එස් සත්සරණී හෙට්ටිආරච්චිටයි. දෙවන ස්ථානය කොළඹ නාලන්දා විද්‍යාලයේ කේ කේ සමල් පුන්සරට හිමිව තිබෙනවා.


2015 සාමාන්‍ය පෙළ විභාගයේ නිකුත්වු ප්‍රතිඵලවලට අනුව තුන්වන ස්ථාන දෙකක් වාර්තා වනවා. ඒ කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ ආර් මලීනා රත්නායක සහ මහනුවර මහාමායා විද්‍යාලයේ ඉන්දීවරී උමයංගා රත්නායකයි.

දිවයිනේ වැඩිම ලකුණු ලබාගත් සිසුන්ගේ සම්පූර්ණ ලැයිස්තුව පහතින්....

පළමු ස්ථානය - කොළඹ විශාඛා විද්‍යාලයේ එස් සත්සරණී හෙට්ටිආරච්චි
දෙවන ස්ථානය - කොළඹ නාලන්දා විද්‍යාලයේ කේ කේ සමල් පුන්සර
තුන්වන ස්ථානය - කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ ආර් මලීනා රත්නායක සහ මහනුවර මහාමායා විද්‍යාලයේ ඉන්දීවරී උමයංගා
හතරවන ස්ථානය - කොළඹ නාලන්දා විද්‍යාලයේ එච් එම් රනිඳු හේරත්
පස්වැනි ස්ථානය - කොළඹ ආනනන්ද විද්‍යාලයේ නෙවිඳු අමරජිත් වල්පිට
හය වන ස්ථානය - ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ එස් ජේ හිරුෂ නෙත්සර
හත්වන ස්ථානය - පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ  තරුණි අංජලිකා සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ දිනෙත් සංජුල

පසුගිය වර පැවති සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් පන් ලක්ෂ 36,152 ක් පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීමක් වෙතොත් 1911 ක්ෂණික ඇමතුම් අංකයෙන් හෝ 0112 - 784 208 / 0112 - 784 537 / 0113 - 188 350 / 0113 - 140 314 යන දුරකතන අංකවලින් විමසිය හැකියි.


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment