පාඨලීගේ ජීප් එකේ හැප්පුණු සන්දීප්ගේ පෙම්වතිය රෝහලේ තනි රකිද්දි.. පියා කියූ සංවේදි කතාව

"මට ඕන මොකුත් නොවේ. මගේ දරුවාව සනීප කරගන්නයි. හොඳ ඩොක්‌ටර් කෙනෙක්‌ ලවා මගේ දරුවාව සනීප කරවලා දෙන්න. මට ඒ ඇති. පාඨලී ඇමැතිතුමා නිකන්වත් මගේ පුතා බලන්න තාම ආවේ නැහැ..." 
 අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැදවූයේ යැයි කියන ජීප් රථයට වැලිකඩ ප්‍රදේශයේදී ගැටී අසාධ්‍ය තත්ත්වයේ පසුවන සන්දීප් සම්පත් නමැති 24 හැවිරිදි තරුණයාගේ පියා වන ඩී. ගුණවර්ධන මහතා මෙසේ පවසා තිබුණේ දැඩි කම්පනයෙන් යුතුවයි.

ඇමැති පාඨලී චම්පික පැදවූ බව කියන ජීප් රථයට මේ තරුණයා හැපී තිබුණේ පසුගිය 28 වැනිදා රාත්‍රියේදීයි. එදින කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ සන්දීප් තවමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවනවා.
සන්දීප් පිළිබඳ තොරතුරු විමසූ අවස්‌ථාවේ ඔහුගේ පියා පවසා සිටියේ මෙවැන්නක්.
"පුතා එදා නිවාඩු දවසේ යාළුවොත් එක්‌ක ඇවිදින්න ගිය වෙලාවේ තමයි මේ අනතුරට මුහුණපෑවේ. පුතා අපේ එකම දරුවා. අපි මේ අනතුර දැක්‌කේ නැහැ. පාඨලී ඇමැතිතුමා පදවපු ජීප් රථයට පුතා හැප්පුණා කියලා පුතාගේ යාළුවෝ කිව්වා. ඒ ළමයි තමයි සත්‍ය සිද්ධිය කියන්නේ. පාඨලී ඇමැතිතුමා තාම මගේ දරුවව බලන්නවත් ආවේ නැහැ. ඒ විතරක්‌ නෙමෙයි කිසිම දේශපාලකයෙක්‌ ආවේ නැහැ. මනුස්‌සකම කියන්නේ මේකටද? ළමයාට තාම සිහිය නැහැ. සමහර අය කියනවා ළමයා කතා කරනවා ළමයාට සිහිය තියෙනවා කියලා. ඒවා බොරු. ළමයාගේ තත්ත්වයේ වෙනසක්‌ නැහැ. මේ අනතුර වෙච්ච වෙලාවේ පාඨලී ඇමැතිතුමා කිව්වා බෙහෙත් ප්‍රතිකාර අරන් දෙන්නම් කියලා. නමුත් දැන් ඒ ගැන කතාවක්‌වත් නැහැ. අපිට මොනවත් ඕනෙ නැහැ. මගේ දරුවා සනීප කරල දෙන්න කියලයි හැමෝගෙන්ම මම ඉල්ලන්නේ. හොඳ ඩොක්‌ටර් කෙනෙක්‌ ළඟට අරන් ගිහින් පුතාව සනීප කරලා දෙන්න. අපිට ඒ ඇති. පුතාව මේ තත්ත්වයෙන් ගොඩදාලා දුන්නොත් ලොකු පිනක්‌. මගේ රත්තරං පුතා ජපන් යන්න බලාපොරොත්තුවෙනුත් හිටියේ."
මේ අතර සන්දීප්ගේ පෙම්වතියද ඔහු ලඟ සිටින් ආකාරය දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයේ හුවමාරුවනවා. ඇයද මේ සිද්ධියෙන් දැඩි සිත් තැවුලට පත්ව  සිටිනවා.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment