FCID ය සිංගප්පූරු යයි



කොළඹ - කොටුව මධ්‍යයේ ඉදිකිරීමට යෝජිත ක්‍රිෂ් ගොඩනැගිලි සංකීර්ණ ව්‍යාපෘතිය පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නියෝජිත පිරිසක් සිංගප්පූරුවට ගොස් තිබෙනවා.

පසුගිය සතියේ ඔවුන් මෙම සංචාරයේ නිරතවී ඇති අතර, ඊට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක්ද එක්වී ඇති බව සඳහන්.

ක්‍රිෂ් ව්‍යාපෘතිය සඳහා සිංගප්පූරුවේ සිට එවා ඇති මුදල් පිළිබඳවයි මෙහිදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ අවධානය යොමුවී ඇත්තේ.

ඒ සඳහා සිංගප්පූරු පොලීසියේද සහය ලබාගෙන තිබෙනවා.

පසුගිය රජය සමයේ මූලික කටයුතු ආරම්භ කෙරුණු ක්‍රිෂ් ව්‍යාපෘතිය පිළිබඳ පරීක්ෂණවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂගෙන්ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පසුගියදා ප්‍රශ්න කළා.

ඇමරිකානු ඩොලර් මිලියන 650 ක් පමණ වැයවන ක්‍රිෂ් කුළුණු ව්‍යාපෘතිය සඳහා එවකට පැවති රජයේ ඉහළ පෙළේ පුද්ගලයන්ට විශාල සංතෝෂම් මුදල් ලබාදී ඇති බවට චෝදනා එල්ලවුනා.

ක්‍රිෂ් ගණුදෙනුවට අදාළ ගිවිසුම් සකස් කිරිම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත්වූ නීති උපදේශක සමාගම මගින් සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

ක්‍රිෂ් ව්‍යාපෘතිය සඳහා ලබාදී ඇති බදු සහන සම්බන්ධයෙන්ද පරීක්ෂණවලදී අවධානය යොමුවන බව සඳහන්.
(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment