දෝනි ගේ හිස අතට ගත් ඡායාරූපයෙන් ඉන්දියාව කැළඹෙයි (PHOTOS)


බංග්ලාදේශ කි‍්‍රකට් ලෝලියෙක් විසින් සැකසු බව කියන ඉන්දීය කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ හිස බංග්ලාදේශ ක්‍රීඩකයෙකු අතින්ගෙන සිටින විකෘති කළ ඡායාරූපයක් සම්බන්ධයෙන් මේ වනවිට මත්භේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා.
 

මේ වනවිටත් එම ඡායාරූපය අන්තර්ජාලයටද මුදාහැර තිබෙනවා. ඉන්දියන් එක්ස්ප‍්‍රස් වෙබ් අඩවිය පැවසුවේ බංග්ලාදේශ කි‍්‍රකට් බලධාරීන් අදාළ ඡායාරූපය සැකසූ පුද්ගලයා සොයා විශේෂ පරීක්‍ෂණයක්ද ආරම්භ කර ඇති බවයි. ඉන්දීය සහ බංග්ලාදේශ කි‍්‍රකට් බලධාරීන් මෙය තරයේ හෙළා දැක තිබෙනවා. 

මෙවැනි සිදුවීම්වලින් කි‍්‍රකට් කී‍්‍රඩාවේ ජීවගුණයටද හානියක් සිදුවන බවයි ඉන්දීය ක්‍රිකට් බලධාරීන් පවසන්නේ. ආසියානු කුසලාන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ සත්කාරක බංග්ලාදේශය සහ ඉන්දියාව අතරයි. එම තරගය ශි‍්‍ර ලංකා වේලාවෙන් රාතී‍්‍ර 7 ට ආරම්භ වනවා.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment