කවුරුත් නැති වෙලේ බදුල්ල බස් එකකට ආව කොල්ලෙක් දුන්නු අමුතුම ගේම - CCTV දර්ශන Ceylon News 24x7 2:21:00 PM Gossips Edit ලංකාවේ හොරු කරන අමුතු අමුතු වැඩ ගැන CCTV කැමරාවලින් පහුගිය දවස්වල විස්තර එළියට ආවා. හැබැයි ඒ ගෙවල් වල හයි කරලා තිබුණු කැමරා වලින්. මේ කියන්න යන්නේ බස් එකක හයිකරපු කැමරාවකින් හොරෙක් මාට්ටු වුණු අවස්ථාවක් ගැන. සිද්ධිය වෙලා තියෙන්නේ බදුල්ල - කොළඹ අර්ධ සුඛෝපබෝගී බස් රථයකදි. මීට දවස් 2කට විතර කළින් විදුලිය විසන්ධි වුණු වෙලාවක මේ බස් එකට මිනිස්සු ගොඩවෙලා තියෙන්නේ තමන්ගේ ගමනාන්තයට යන්න හිතාගෙන.හැබැයි ඒ වෙලාවේ බස් එකේ රියදුරු මහත්තයාවත් කොන්දොස්තර මහත්තයාවත් ඉඳලා නෑ.. මේ ගැන මීටර් එකෙන් ඉඳපු හොරෙක් අමුතු ගේමක් දුන්නා. එයා කළේ බස් එකේ තිබ්බ ටිකට් පොත අරගෙන හිටපු අයගෙන් සල්ලිත් අරගෙන ටිකට් දුන්නු එක. හැබැයි එයා මේ වැඩේ කලේ බස් එකේ ෂීට් එකක ඉඳගෙන. නැත්තම් එළියේ ඉන්න කොන්දොස්තර දකීවි කියලා හිතෙන්න ඇති. ඔය විදියට මෙයා රුපියල් 15,000ක් විතර හොරෙන් අරන් ශේප් එකේ මාරු වුණත් වැඩේ CCTV කැමරාවේ සටහන් වෙලා තිබුණේ මෙන්න මේ විදියට. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment