අවුරුදු 21 තරුණියක් සමග අනියම් පෙම් සුව විඳපු විශ්‍රාමික හමුදා නිලධාරියා කරලා තියෙන වැඩේ



අවුරුදු 22 ක් පවුල් ජීවිතය ගතකළ විශ්‍රාමික යුද හමුදා ලුතින්වරයෙකු දරු දෙදෙනා අතහැර සිය වැඩිමහල් පුතා ඉදිරියේම අනියම් පෙම්වතිය සමග ජීවිතය ගතකිරීමේ පුවතක් අපිට අහන්න ලැබුණා.
අනුරාධපුර පැත්තේ රක්ෂණ සමාගමක තරුණිය රැකියාව කර ඇති අතර එම ආයතනයේම මේ විශ්‍රාමික ලුතිනන්වරයා විධායක නිලධාරියෙකු ලෙස සේවය කර තිබෙනවා.
අවුරුදු 42 ක් වූ විශ්‍රාමික හමුදා නිලධාරියා ගලෙන් බිදුනු වැව ප්‍රදේශයේ පදිංචි අතර අදාල තරුණිය අනුරාධපුර තුන්වැනි පියවර ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.
මෙම තරුණියට අවුරුදු 21 ක් වන අතර අවස්ථා කිහිපයකදී මොවුන් දෙදෙනා අඹුසැමියන් ලෙස ජීවත්ව ඇති බවද වාර්තා වනවා.
ලුතිනන්වරයාගේ පහස ලැබීමට අදාල තරුණිය ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා ප්‍රදේශයෙන් පිටව යෑම නිසා තරුණියගේ මව්පියන් විසින් පොලිියට පැමිණිලි කර තිබෙනවා.පසුව දෙපාර්ශවයම පොලිිසියට කැඳවා තිබෙනවා.
විශ්‍රාමික නිලධාරියාගේ බිරිඳ ඇගේ 22 හැවිරිදි වැඩිමහල් පුතා සමග පොලිසියට පැමිණ සිටි අතර ඇයට අවුරුදු 15 ක් හා අවුරුදු 5 ක දරුවන් දෙදෙනෙකුද සිටින බවයි පොලිසිය පැවසුවේ.‍ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් දෙපාර්ශ්වයටම කරුණු අවබෝධ කර දී ගැටලුව විසඳීමට උත්සාහ කළද එයට අවනත නොවූ 21 හැවිරිදි තරුණිය ඇගේ අනියම් පෙම්වතා සමග ජීවත්වීමට අවශ්‍ය බව පොලිසියට පවසා තිබෙනවා.
විශ්‍රාමික ලුතිනන්වරයාගේ බිරිද දරුවන් සමඟ තමන් අසරණ වන බව පවසමින් සැමියා අවශ්‍ය යැයි කියා හඬා වැටුණත් එය ඔහුගේ සැමියා කිසිසේත්ම ගණන් නොගත් බවයි වාර්තා වුණේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment