අදත් බැඳුම්කර වෙන්දේසියක් - මිලියන 50,000 ක් අනුමතයි


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබූ අතර පරිණත කාලසීමා කාණ්ඩ 4 ක් යටතේ රුපියල් මිලියන 5,000 බැගින් රුපියල් මිලියන 20,000 ක් වටිනා බැඳුම්කර ඒ සඳහා ඉදිරිපත් කර තිබුණි.

2018, 2019, 2021 හා 2028 යන වසරවල කල්පිරෙන මෙම භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ලැබුණු ලංසුවලින් පිළිවෙලින් රුපියල් මිලියන 9,000 – 5,000 – 14,350 හා 21,660 යනාදී ලෙසින් ලංසු අනුමත කර තිබේ.

මෙම බැඳුම්කර නිකුත් කරන ලද බර තැබූ සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් පිළිවෙලින් 11.75%, 11.75%, 13.00% සහ 13.72 පරිදි වේ.

මේ අනුව අද දින වෙන්දේසියේ දී නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බැඳුම්කරවල මුළු වටිනාකාම රුපියල් මිලියන 50,010 කි.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment